ලංකාවේ මෑතාකාලීනව වේගයෙන්ම සංචාරක ආකර්ශනය දීනාගෙන සංචාරක කර්මාන්තය සංවර්ධන වුණු වෙරළ මිරිස්ස වෙරළ තීරය කියලා කියන්න පුළුවන්. අද විශිෂ්ට සංචාරක ආකර්ශනයක් දිනාගෙන තියන මිරිස්ස දෙස් විදෙස් සංචාරක පාරාදීසයක්. තවමත් මිරිස්සේ ගිහිල්ලා නැත්නම් ඔන්න අනිවාර්යයෙන් යන්න ඕනා තැනක් විදිහට අපි මේ වෙරළ නම් කරනවා.
ප්‍රමාණයෙන් ඉතා කුඩා වෙරළ තීරයක් වුවත් මිරිස්ස වෙරළෙහි දකින්නට ලැබෙන සුන්දරත්වය අති විශාලයි. රැලි මත ලිස්සායාමේ ජල ක්‍රීඩාවන් සඳහා දැන් මිරිස්ස ප්‍රසිද්ධයි. මිරිස්ස වෙරළ තීරයේ වම්පස මායිම වන coconut hill නරඹන්නම ඕනා ස්ථානයක්. ඒ වගේමයි parort rock ලෙසින් හඳුන්වන අප හට දිය මතින් ඇවිද යා හැකි දූපත මිරිස්ස වෙරළ තීරයේ අභිමානයක්.
ලෝකයේ දැනට වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වන්නේ නිල්තල්මසුන්. ශ්‍රී ලංකාවේදී දැකගන්න පුළුවන් හොඳම සාගර කලාපයක් තමයි මිරිස්ස. ගොඩබිමේ සිට ඉතා නුදුරින් නිල් තල්මසුන් අවුරුද්ද පුරාවටම දැකගත හැකි එකම ස්ථානය ද මිරිස්සයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් මිරිස්සෙ දැන් ඕනා තරම් තියනවා. නිල් තල්මසුන් නැරඹීමට නම් හොඳම කාලය වන්නේ ජූලි සිට අප්‍රේල් දක්වා කාලය කියලා කියන්නෙ.
ඉතින් අපි අවසානයේ වශයෙන් කියන්නේ එක් වරක් ගියහොත් තවත් යන්න හිතෙන මේ සුන්දර වෙරළේ සුන්දරත්වය ඔබේ දෑසින් විඳ ගන්න ප්‍රමාද වෙන්න එපා.
සටහන සහ සේයාරූ - අන්තර්ජාලය ඇසුරින්